Wednesday, September 16, 2015

මහාවැලී මහාවැලී මහවැලි මහවැලි මහාවැලී

මහාවැලී මහාවැලී
මහවැලි මහවැලි මහාවැලී
සිරිපද ලස සමනොළ සිරසේ
සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී
ගිරි කුළු විනිවිද නව මං මතුකොට
නව ලොවකට ඔබ ගලා බසී
අතීත රජ රට සිරිසර ඇසහැර
ඔබ එන තුරු මග බලා හිඳී
මහ වැව් බැඳි පෙර රජ දරුවෝ
ඔබගෙන් යළි නව පණ ලැබුවෝ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී
සිරි දුව හෙට මෙහි වඩිනා මඟුලට
මග පාදා පියවිලි අතුරා
ඔබ බැස එනු දැක හිනැහෙයි සිරි ලක
අනාගතය කිරි දිය උතුරා
සිරිපද ලස සමනොළ සිරසේ
සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී
සංගීතය- ගායනය = අමරදේවයන්
පද රචනය මහගමසේකර


18 comments:

  1. මුලින්ම මූ කොළඹට ආ දින
    හෝ ගානා පොකුණක් දැක බිය විය
    කාර්යාලයට ආ මුල් දවසේ
    හැම තැන ටී වී මන්දැයි අසමින

    ලිෆ්ට් එක දැක පස්සට විසිවිය
    ගමේ නාඩගමෙ නරකාදිය සිහිවිය
    ඇතුලට යන උන් නැත්තට නැතිවේ
    කොළොම්පුරයෙ මෙලෙසින් විගඩම් බොහො වේ

    කෙළවර නොපෙනෙන මහබස් ඇත්තේ
    ටිකට් කඩන කොන්දොස්තර නැත්තේ
    මේ නම් මහ අරුමයකි බොලන්නේ
    පෙට්ටි පෙට්ටි එක පෙළට ඇදෙන්නේ


    ඊටත් වැඩි පුදුමයකි බොලන්නේ
    බ්ලොග් ලියනා උන් කොළඹ සිටින්නේ
    උන් ගමයට ඇරයුමක් කරන්නේ
    කන්දෙ ගමය සබයට පිවිසෙන්නේ

    ReplyDelete
    Replies
    1. අලුත් කලාවට ආවේ මම ඊයේ
      දවසක දිනනවා මෙන් වේගය හීයේ
      එමු යමු ගමක තොරතුරු ගෙන ලහි ලහියේ
      පතනව තුති නුඹට දැමුවට මෙය මගෙ බ්ලොගියේ

      Delete
  2. කන්දෙගමයා ඉබ්බන්වල හන්දියෙ මහවැලි බිල්ඩින් එකේයි ඉන්නෙ කියල දැක්ක කොළඹ ගමයා බ්ලොග් එකේ. අල්ලපු වත්තෙ වගේ බ්ලොග් ලියන්නෙක් ඉන්න එකත් සතුටක්. මම APIIT එකේ. දිගටම ලියමු ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසල් වැසිය හදුනා ගන්න ලැබුන එක සතුටක්
      මේ මගෙ ෆොන් නම්බර් එක
      0766919103

      Delete
  3. දිගටම ලියන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා...! අපි එන්නම්කො පදිංචි වෙන්නම...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හදුනා ගන්න ලැබුන එක සතුටක්

      Delete
  4. සින්දු ඇනෝ කියල එක්කෙනෙක් ඉන්නවා. අදියි වලියක් ඔන්න සින්දුවක් දැම්ම කියල.

    ReplyDelete
  5. සින්දු නවත්තලා මාතලේ රත්තොට පැත්තේ විස්තර ටිකක්වත් ලිව්වනං. මෙයිට වැඩිය රහට කියවන්න අය ඒවි. එහමෙත් නැත්තං එනසාල් වගාව ගැවත් ලියමුකෝ.

    ReplyDelete
    Replies
    1. ඔය සින්දුව දැම්මෙ පටන්ගැන්මට. පස්සෙ මහවැලි ජනපදවල රසබර තොරතුරු දාන්නම්කො.මාතලේ ගම්මිරිස් එනසාල් ගැනත් කන් පිරෙන්න විස්තර ඉස්සරහට එයි.

      Delete
  6. ඔබටත් එසේම වේව

    ReplyDelete
  7. සුබ පැතුම්!

    මේකට මේලක් විද්දා නම්,

    rscpriyashad@gmail.com

    ReplyDelete
  8. සතුටුයි කෙමෙන්ටුවට
    වෙනසකින් යුතු යමක් කළොත් නරකද ඉදිරියට

    ReplyDelete
  9. ලියපන් ලියපන්!!! කතා ලියහන්!!!

    ReplyDelete